කුවේටයේ ලාංකිකයන් අතර කොරෝනා පොකුරක්! වීසා රහිතව රැඳි සිටින පිරිස් අතර වේගයෙන් පැතිරේ!

May 27, 2020 at 1:09 pm | by emanisa.lk

වීසා රහිතව නීති විරෝධීව කුවේට් රාජ්‍යයේ රැඳී සිටින සහ එරට රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරු වී සිටින බව කුවේට් ශ්‍රී ලංකා එකමුතු සංවිධානය පවසයි.

එරට ෆර්වානියා, අහමදි, හවාලි, ජහරා සහ කුවේට් සිටි යන ප්‍රදේශ වල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මෙසේ කොරෝනා වයිරසයට ගොදුරු වී සිටින බවත් මේ වන විට එම පිරිසෙන් කාන්තාවක් ඇතුළු සිවුදෙනෙකු වයිරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇති බවත් කුවේට් ශ්‍රී ලංකා එකමුතු සංවිධානයේ කැඳවුම්කරු නිශාන්ත සංජීව මඩපාත ප්‍රකාශ කළේය .

නීත්‍යානුකූලව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් අතරින් වයිරසය ආසාදනය වී ඇති බහුතරය කුලී රථ රියදුරන් ලෙස රැකියාවල නියුතුව සිටින අය බවද කියයි.

මෙසේ රෝගාතුර වන විදේශිකයන්ට කුවේට් රජයෙන් කිසිදු සැලකිල්ලක් නොලැබෙන බවත් රෝගාතුර වූවන්ට බෙහෙත් පෙත්තක්වත් නොලැබෙන බවත් මඩපාත මහතා පැවසීය.

මීට දින කීපයකට පෙර කොරෝනා වයිරසය ආසාදනය වී මරණයට පත්වූ ශ්‍රී ලාංකීය කාන්තාවගේ සැමියාට සහ දරුවන් දෙදෙනාටද වයිරසය ආසාදනය වී ඇතැයි සැක කැන අතර ඔවුන් කිසිදු පරීක්ෂාවකට ලක් නොකොට නිවසට වී සිටින ලෙස එරට සෞඛ්‍ය නිලධාරීන්  නියමකර ඇතැයි මඩපාත මහතා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස