එස්.බී.ගේ රථයට බාධා කළ පිරිසක් සහ ආරක්ෂකයන් අතර ගැටුමක්! වෙඩි වැදුණු දෙදෙනෙක් රෝහල්ගත කරයි!

November 7, 2019 at 8:14 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ගමන් කළ රථයට පුද්ගලයන් පිරිසක් ඊයේ (06) රාත්‍රී 8.30 පමණ ගිනිගත්හේන, පොල්ලිටිය ප්‍රදේශයේදි බාධා කර තිබේ.

මන්ත්‍රීවරයා ගමන් ගත් රථයට පසුපසින් ගමන් කළ ආරක්ෂක රථයේ සිටි නිලධරීන් මෙම බාධා කළ පිරිසට වෙඩි තැබීමක් සිදුකර තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු මුලින්ම තැලිගම රෝහළටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරවනැල්ල මූලික රෝහල වෙතටයත් යොමුකර තිබේ.

ගිනිගත්හේන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිය පිස්ටල් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත්තේ අදාළ සිදුවීම පිළිබඳ තමන් කණගාටු වන බවත් අදාළ අංශ මගින් එයට එරෙහිව පියවර ගනු ඇතැයි විශ්වාස කරන බවත් නීතිය හා සාමය ආරක්ෂා කිරීම ප්‍රමුඛස්ථානයෙහිලා සැලකීම සිය ප්‍රතිපත්තිය බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස