සමෘද්ධිය දෙන්නේ දුප්පතුන්ට නෙමේ යූඇන්පීකාරයන්ට විතරයි! සමෘද්ධි සහ ග්‍රාම නිලධාරී ලැයිස්තුව වෙනුවට දේශපාලකයන්ගෙන් නම් ලැයිස්තුවක්!

May 25, 2019 at 1:54 pm | by admin

එළඹෙන මැතිවරණ ඉලක්ක කරගෙන එක්සත් ජාතික පාක්ෂිකයන්ට පමණක් සමෘද්ධි දීමනා ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිළධාරීන්ගේ සංගමය පවසයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් ජගත් කුමාර මහතා පවසන්නේ සමෘද්ධි නිලධාරින් සහ ග්‍රාමසේවා නිළධාරින් විසින් නිර්දේශ කර ඇති ලේඛනයට පරිබාහිරව දේශපාලන උවමනාවන් මත විවිධ පුද්ගලයින්ගේ නම් ඊට ඇතුළත් කර ඇති බවය.

මැතිවරණ ඉලක්ක කරගෙන සිදු කරන මෙම ක්‍රියාවලිය ඒ හා සම්බන්ධ නිලධාරීන්ගේ වෘත්තීය ජීවිතයට ද බලපෑම් කළ හැකි බව එම සංගමය වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස