සමෘද්ධිය දෙන්න එපා! ඒ මුදලින් ග්‍රාමීය යටිතල පහසුකම් නංවන්න!

May 24, 2019 at 6:44 pm | by admin

සමෘද්ධි සහනාධාර ලබා දීම පිළිබඳව තමන් තරයේ විරුද්ධ වන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.

මෛත්‍රි ගුණරත්න මහතා එ බැව් කියා සිටියේ නාවලපිටිය වැවේගම ප්‍රදේශයේ අද (24) පැවති උත්සවයක් අමතමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මෛත්‍රි ගුණරත්න ආණ්ඩුකාරවරයා කියා සිටියේ සමෘද්ධි සහනාධාරය යම් කෙනෙකුට ලබා දෙන්නේ නම් එය එක් වසරක කාල සිමාවක් සඳහා ලබා දිය යුතු බවයි.

එම වසර තුළ එම සමෘද්ධි ලාභියාට නැගි සිටීමට නොහැකි නම් එම සමෘද්ධි සහනාධාර ලබාදීම නතර කළ යුතු බව ආණ්ඩුකාරවරයා කියා සිටියේය.

ජිවිත කාලයමට සහනාධාර ලබාදිම තුළින් රටක් සංවර්ධනය කළ නොහැකි බවත්, සමෘද්ධි සහනාධාර සඳහා ලබාදෙන මුදල් රටේ සංවර්ධනය සඳහා යොද වන්නේ නම් ග්‍රාමිය ජනතාවගේ යටිතල පහසුකම් මිට වඩා සංර්ධනය කළ හැකි බව ආණ්ඩුකාරවරයා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස