එජාප අපේක්ෂකයන්ට රනිල්ගෙන් ලක්ෂ 25 බැගින්! බැඳුම්කර සල්ලි බෙදන බවට චෝදනා!

February 15, 2020 at 7:03 am | by emanisa.lk

එළඹෙන මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන අපේක්ෂකයකුට රු. ලක්ෂ 25 බැගින් ලබා දීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

අපේක්ෂකයන්ට එම මුදල ලබා දෙන්නේ සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සාර්ථක ලෙස සිදු කිරීම සඳහාය.

අවශ්‍යතාව සලකා බලා ⁣මීට වඩා මුදලක් වුව ලබා දෙන බව එජාප නායකයා පවසයි.

ජනාධිපතිවරණය අවස්ථාවේ එජාපය සජිත් ප්‍රේමදාසට අරමුදල් ලබා නොදුන් බවට සහ මහ මැතිවරණය අවස්ථාවේ බෙදන්නට සූදානම් වන්නේ බැඳුම්ක වංචාවෙන් උපයා ගත් මුදල් බවට චෝදනා ඇත.

පාර්ලිමෙින්තු මැතිවරණය සඳහා එජාපයෙන් අපේක්ෂකයන් දහස් ගණනක් ඉදිරිපත් වීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස