එජාපය නායකත්වයට කුළල් කා ගනී! හිටපු ඇමතිවරු ඇතුළු මහ අලි 6ක් රහසේම මහින්ද හමුවෙති!

January 25, 2020 at 7:48 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු පමණ රහසේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමු වී ඇති බව වාර්තා වෙයි.

පසුගිය සතියේදී මෙම හමුවීම සිදුව ඇති අතර මෙම පිරිස අතර ඌව පලාත නියෝජනය කරන එජාප රජයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු සහ එම පලාතේම මන්ත්‍රීවරයෙකුද, දකුණු පලාත නියෝජනය කරන හිටපු අමාත්‍යවරයෙකු ද වන බව කියවෙයි.

මැතිවරණය පැවැත්වීමට නියමිත ආසන්න කාලයක සිදු වූ මෙම රහසිගත හමුව පිළිබඳව එජාප අභ්‍යන්තරයේ පවා මේ වන විට උණුසුම් තතත්ත්වයක් මතුව ඇති බව දැනගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස