අධිකරණය ස්වර්ණමය තීන්දුවක් ලබා දෙයි! දැරියක් දූෂණය කළ සාරුවා සුනිල් වසර 15කට සිරගෙට!

January 17, 2020 at 4:52 pm | by emanisa.lk

දැරියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල්ට කොළඹ මහාධිකරණයෙන් බරපතළ වැඩ සහිත වසර 15ක සිරදඬුවම් නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍යගේ පටබැඳී විසින් මෙම දඬුවම ප්‍රකාශයට පත් කළේය.

ඊට අමතරව රුපියල් 25,000 ක දඩයක් ද විත්තිකරු විසින් ගෙවිය යුතු බවට ද අතවරයට පත් දැරියට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන ලෙස ද තීන්දු කළේය.

මහජන නියෝජිතයින් මෙවැනි දේ කිරීම බරපතළ තත්ත්වයක් බවත් ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටෙනු ඇති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.

කන්‍යාවියන් 100ක් සමග යහන්ගත වී සාදයක් පවත්වා ප්‍රසිද්ධියට පත් වූයේ ද මොහුය. 2012 වසරේ සිදුවූ මෙම සිදුවීමට මහින්ද රාජපක්ෂට දැඩි ලෙස චෝදනා එල්ල වුවද 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ සාරුවා සුනිල් සහයෝගය ලබා දුන්නේ එජාප ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනටය. එසේම ඔහුගේ බිරිඳ 2018 පළාත් පාලන මැතිවරණයේ ශ්‍රීලනිපයේ අපේක්ෂිකාවක් ද වූවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස