එජාපය කැඩෙන්න මම ඉඩ තියන්නේ නෑ! නැවත ආණ්ඩුවක් ලබා ගන්නවා! – විජයමුණි සොයිසා

November 23, 2019 at 12:18 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය බෙදීමට කැඩීමට වෙන් වීමට තමන් ඉඩ නොතබ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කටාන එජාප සංවිධායක විජිත් විජයමුණි සොයිසා පවසයි.

සජිත් ප්‍රේමදාසට ලක්ෂ 55ක් ජනතාව ඡන්දය ලබා දී ඇති බවත් ඒ ජනතාව සමග එකතු වී එජාපය ආරක්ෂා කරගෙන නැවත ආණ්ඩු බලය ලබා ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික් එජාප මන්ත්‍රී පිරිසක් කැඳවූ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම සඳහා එජාප ජනාධිපති අපේක්ෂකයා දිනවන ලෙස ද විජයමුණි සොයිසා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස