සජිත් දිනන එක බඩේ බත් වගේ ෂුවර්! 50%ක් ගන්න එක තමයි ප්‍රශ්නේ! ඒකට අපි වගේ ශ්‍රීලංකාකාරයෝ ඕන! – කටාන එජාප සංවිධායක විජයමුණි

November 8, 2019 at 1:03 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරන බව බඩේ බත් මෙන් ෂුවර් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පවසයි.

අකුරැස්ස ප්‍රදේශයේ ඊයේ (07) සවස පැවති ජනරැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

“සජිත් දිනන එක බඩේ බත් වගේ ෂුවර්. ඒ ගැන කිසිම සැකයක් නෑ. අපිට තියෙන තරගෙ තමයි සියයට 50 ගන්න එක. ඒක යූ එන් පී කාරයින්ට විතරක් ගන්න බෑ. ඒකට මේ අපි වගේ ශ්‍රී ලංකා කාරයොත් ඕනේ.

රෝහණ ලක්ෂ්මන් කියලා වැඩ බලන සභාපති කෙනෙක් දයාසිරි කියලා ලේකම් කෙනෙක් පත්කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුන් වෙනි වතාවටත් මරණ සහතිකේ ලියලා. දැන් පක්ෂෙ අවසන් කටයුතු විතරයි දැනුම් දෙන්න තියෙන්නේ.

කවදාවත් උඩ ගිවිසුම් ගැහුවට ශ්‍රී ලංකා කාරයෝ පොහොට්ටුවට ඡන්දේ දෙන්නේ නෑ. ජේවිපි එකට දෙන්නෙත් නෑ. හැබැයි අලියට දෙන්නෙත් නෑ..”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස