උතුරු නැඟෙනහිර බෞද්ධ උරුමය සුරැකීමට වහාම පියවර ගන්න! – අගමැති නිලධාරීන්ට නියෝග කරයි…

February 15, 2020 at 10:22 am | by emanisa.lk

උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන සහ බෞද්ධ සිද්ධස්ථානවල සීමා මායිම් නිසි පරිදි සලකුණු කර එම ස්ථාන ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව පැවසුවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමග පෙරේදා (13) පැවති සාකච්ඡාවකට එක් වෙමිනි. ‍

මෙරට බුද්ධ ශාසනය මුහුණපා තිබෙන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමස්ථ ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ශික්ෂුන් වහන්සේලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් අරලියගහ මහන්දිරයේදී ඊයේ පැවත්විණි.

මුහුදු මහා විහාරය, යාපනය ඓතිහාසික සිද්ධස්ථාන, ඩෙල්ප් දූපතේ පෞරාණික චෛත්‍ය මුලතිව් ගුරුකන්ද විහාරස්ථානය සහ අනෙකුත් පුරාවිද්‍යාත්මක ස්ථානවල අනාරක්ෂිත තත්ත්වය පිළිබද පුරාවිද්‍යා නිලධාරීන් සමග සාකච්ඡා කර කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස