පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමේ කටයුතු සෘජුවම හමුදාව වෙත පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ.
ඒ අනුව ඉදිරියේදී යුද හමුදාව ඇතුලු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යොදවා පාතාළ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සියල්ල මැඩ පැවැත්වීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබේ.
ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක ලේකම්වරයා ද හිටපු හමුදා නිලධාරීන් වන අතර ඔවුන් දෙදෙනා මෙන්ම වර්තමාන හමුදාපතිවරයා ද කොටි ත්‍රස්තවාදය පරාජය කරන සටනේ ප්රමුඛ කාර්යභාරයක් ඉටුකළ අය වෙති.