ඇමරිකාව ඕන පොහොට්ටුව දිනවන්න! හමුදාපතිට තහනමක් ගෙනාවේ ඒකයි! – ජවිපෙ

February 21, 2020 at 6:04 am | by emanisa.lk

ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ඇමරිකාව තහනමක් පැනවූයේ ඔහු හමුදාපති ධුරයට පත්වීමට පෙර බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

කෙසේ වුවද ඇමරිකාව මෙම සිදුවීම සම්බන්ධයෙන් එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට තහනමක් නොපනවා ශවේන්ද්‍ර සිල්වාට තහනමක් පැනවූයේ මැතිවරණයේදී පොහොට්ටුවට වාසි ගෙන දීමට ද යන ප්‍රශ්නය පැන නඟින බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ පවසයි.

මේ සමග පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරණ ගමන්මග තීරණය කරන්නේ ඇමරිකාව ද යන ප්‍රශ්නය පැන නඟින බව ද හෙතෙම පවසයි.

මැතිවරණයේ දී කඳුලු සහ දුක පෙන්වමින් බොරු දේශප්‍රේමය විකිණීමට ආණ්ඩුවට මෙමගින් අවස්ථාව ලැබී ඇතැයි ද වසන්ත සමරසිංහ චෝදනා කළේය.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස