ආණ්ඩුව උපාධිධාරීන් රැවැට්ටුවා! මම දිනුවා නම් දෙසැම්බර් 17  හැමෝටම රස්සා දෙනවා!- සජිත්

March 5, 2020 at 10:18 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළේ නම් දෙසැම්බර් 17 වෙනිදා සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දීමට සැලසුම් කර තිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

තමා ජයග්‍රහණය කළේ නම් මාසයක් ඇතුළත එනම් දෙසැම්බර් 17 සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දී මාස තුනක් ඇතුළත එනම් මාර්තු 17 වෙනිදා වන විට එම රැකියා ස්ථිර කර අවසන් බව ද ඔහු පෙන්වා දුන්නේය.

එහෙත් වර්තමාන ආණ්ඩුව එම උපාධිධාරීන් සියලු දෙනා රවටා අනාථ කර ඇති බවත් තමන් එම උපාධිධාරීන් සමග එක්ව ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් කරන බවත් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පැවසීය.

අද (05) මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස