රට ගොඩනඟන්න තව එක වරමක් දෙන්න! සජිත් ජනපති කරලා කරගන්න බැරි වුණු ඉතිරි ටික කරනවා! – රවී

October 12, 2019 at 4:44 pm | by emanisa.lk

රට නගාසිටුවීමට තමන්ට තවත් එක් වතාවක් ජනතාවගේ විශ්වාසය ලබාදෙන්න යැයි අමාත්‍ය රවී කරුණානායක ඉල්ලා සිටියි.

ගාලුමුවදොර පැවති රැස්විමට (10) එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.

“සමහරු අහනවා අපි වසර 05 ක් තිස්සේ මොනවද කළේ කියලා. නමුත් අපට බලය ලැබුණ වෙලාවේ විශාල ගැටලු රාශියක් තිබුණා විසඳන්න.

ඒ නිසා මේ කාලය තුළ අපට අවසන් කරන්න බැරි වුණ සියලු දේවල් නොවැම්බර් 16න් පස්සේ ඉටු කරනවා. මේ තරුණ තරුණියන් තමයි අපේ අනාගතය. සම්පත. ඒ නිසා ඔවුන්ගේ හැකියාවට රැකියාවක් ලබාදීලා, ඔවුන් තුළින් රට නගාසිටුවන්න අපට තවත් එක් වතාවක් ඔබගේ විශ්වාසය ලබාදෙන්න.

අපේ අගමැතිතුමා සජිත් ප්‍රේමදාස සමග එක්සත් ජාතික පක්ෂයේ සියලුම නායකයන් ශ්‍රී ලාංකික අනන්‍යතාව ආරක්ෂා කරන්න එකතුවෙලා තිබෙනවා. ඒ නිසා අපි සියලු දෙනා සමග අත්වැල් බැඳගෙන සජිත් ප්‍රේමදාස රටේ ජනාධිපති කරන්න එකතුවෙන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස