රටේ ජනතාවට 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව මතයක් නො තිබුණු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවස යි.
අද (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.
ආණ්ඩුවට 2/3ක බලයක් නොතිබුණු බවත් පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේ දී එය ආණ්ඩුව ප්‍රදර්ශනය කළ බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.
වරප්‍රසාද වරදාන දීම මඟින් ආණ්ඩුව 2/3ක ලබා ගත් සඳහන් කළ නලින් බණ්ඩාර 2/3 බලය ලබා ගැනීමට ලක්ෂ 500ක් ලබා දුන් බව මුරුත්තෙට්ටුවේ හිමියන් පැවසුව ද තමන්ට දැනගන්නට ලැබුණු පරිදි එය ලක්ෂ 500ක් නොව ඊටත් වැඩි මිලක් බව හෙතෙම අනාවරණය කළේ ය.
විපක්ෂයෙන් එහා මෙහා ගිය මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීවරියන්ගේ වටිනාකම රුපියල් ලක්ෂ 2000ක් නැතිනම් කෝටි 20ක් බව ද ඔහු හෙළි කළේ ය.