ආචාර පෙළපාලි වෙඩිමුර නොතිබ්බාට වැඩක් නෑ! ජනපති ජාතික ඇඳුම ඇන්දේ නෑ! – නිරෝෂන් පෙරේරා

January 3, 2020 at 2:33 pm | by emanisa.lk

ජාතික ඇඳුම නො අඳින ජනාධිපතිවරයකේ අවුරුදු 41කට පසු පහළ වී ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (03) පාර්ලිමේන්තුවේ සිව්වෙනි සභාවාරය ආරම්භ කිරීමට යුරෝපීය ඇඳුමින් සැරසී පැමිණීම පිළිබඳ මන්ත්‍රීවරයා මෙසේ අදහස් දක්වා තිබිණි.

කෙසේ වුවද සාම්ප්‍රදායිකව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පිළිගැනීම සඳහා පැවැත්වෙන හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර, රථපෙළපාලි ආදි කිසිවක් මෙවර දක්නට නොලැබිණි.

පාසල් ශිෂ්‍යාවන් පිරිසක් ජයමංගල ගාථා ගායනා කර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පිළිගත් අතර එය ඉතාම චාම් උත්සවයක් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස