හිටපු එජාප ඇමතිවරු තවම නිල නිවෙස් භාරදීලා නෑ! රාජිත තවම ඉන්නේ ගෝඨාගේ මිනිමෝරු ඉන්න නිවසේ!

December 28, 2019 at 9:53 am | by emanisa.lk

රාජිත සේනාරත්න, පි හැරිසන් සහ ගයන්ත කරුණාතිලක ඇතුළු හිටපු එජාප අමාත්‍යවරුන් 05 දෙනෙකු තවමත් ඇමති නිල නිවාස භාරදී නොමැති බවයි වාර්තා වෙයි.

ආණ්ඩු මාරුව සමග සිය නිල නිවාස භාරදිය යුතු වුවද මෙතෙක් එම මන්ත්‍රී පිරිස එය සිදු කර නොමැත. කෙසේ වුවද මංගල සමරවීර, හරීන් ප‍්‍රනාන්දු සහ නිරෝෂන් පෙරේරා යන ඇතුලු හිටපු අමාත්‍යවරුන් පිරිසක් මේ වනවිට තමන් පරිහරණය කළ නිල නිවාස භාරදී තිබේ.

රාජිත සේනාරත්න හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ බෞද්ධාලෝක මාවතේ නිවස සිය නිල නිවස ලෙස තෝරා ගත් අතර තවමත් එය නැවත භාර දී නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස