ස්වාමීන් වහන්සේලා මාව ත්‍රස්තවාදියෙක් කළොත් වන්දි ගෙවන්න වෙයි! – අසාද් සාලි (video)

May 6, 2019 at 9:41 pm | by admin

ත්‍රස්තවාදීන්ට නිදැල්ලේ සිටින්නට ඉඩ දී ත්‍රස්තවාදීන්ට විරුද්ධව වැඩ කරන තමන් ස්වාමීන් වහන්සේලා විසින් ත්‍රස්තවාදීන් නොකළ යුතු බවත් එසේ කළහොත් වන්දි ගෙවන්න සිදුවන බවත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි පවසයි.

තමා තවුහිද් ජමාත් ඇතුළු ත්‍රස්තවාදීන්ට විරුද්ධව 1994 සිට වැඩ කළ බවත් තවුහිද් ජමාත් නායකයාට ලංකාවේ සමුළුවට සහභාගී වන්න නොදී ගුවන්තොටුපළට ගෙන ගොස් නැවත පිටත් කළ බවත් හෙතෙම සිහිපත් කරයි.

මේ ආකාරයට තමන් ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරද්දි බුද්ධි අංශ හැමදාම ත්‍රස්තවාදය ආරක්ෂා කළ බවත් අබ්දුල් රාසික් අත්අඩංගුවට නොගන්නේ ඒ නිසා බවත් හෙතෙම පෙන්වා දෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස