අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්න මං ගොඩක් වැඩ කළා! ලේඛනවල අත්සන් 21 දාහක් ගැහුවා! – මෛත්‍රී

June 1, 2020 at 4:43 pm | by emanisa.lk

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට ගෙන්වා ගැනිම සදහා නීතීපතිවරයා විසින් සකස් කරන ලද ලිපි ලේඛන සඳහා රාජ්‍ය නායකයා ලෙස තමාට දින තුනක් තිස්සේ ඊට අත්සන් විසිඑක්දාහක් ගැසිමට සිදු වු බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන අද (1) පොළොන්නරුව ප‍්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදි ප‍්‍රකාශ කළේය.

හිටපු අගමැතිවරයා විසින් මහබැංකුවේ අධිපති ලෙස සිංගප්පුරු ජාතිකයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමේදි තමා ඊට දැඩි විරෝධය පලකල බවත් ආණ්ඩුව පිහිටුවා සති දෙකක් වැනි කාලයක් නිසා අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් අතර අර්බුදයක් හදාගත නොහැකි නිසා අගමැතිවරයාගේ ඉල්ලිම පරිදි දැඩි අකමැත්තකින් අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකුවේ අධිපතිවරයා ලෙස පත් කිරිමට තමා කැමැත්ත පලකළ බවත් ඔහු පවසයි.

පොළොන්නරුව ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡුාවේදි වැඩිදුරටත් මාධ්‍යවේදින් අමතා කතා කල හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

“මහ බැංකුවේ සිදුව ඇති වංචාවන් සම්බන්ධයෙන් මා විසින් පත්කරන ලද ජනාධිපති කොමිසන් සභාව ඉතා සාර්ථකව ඒ කටයුතු කරගෙන ගියා.මම දන්න විදිහට මගේ දේශපාලන ජිවිතය තුළ නිදහසෙන් පසු ලංකාවේ එක් එක් ආණ්ඩු විසින් පත්කරන ලද ජනාධිපති කොමිසම් සභාවලින් මහ බැංකු මුල්‍ය වංචා සෙවිමට මම පත් කරපු ජනාධිපති කොමිසම තරම් රටේ මහජනතාව අතරත් උගතුන් බුද්ධිමතුන් සහ මාධ්‍ය තුළත් මේ තරම් කොමිසම් සභාවක් නැති තරම්. ඒ නිසා ජේ.ආර්. ජයවර්ධනගේ ඉඳලා ජනාධිපතිවරු මේ වෙනකල් පත් කරපු කොමිසම් සභාවලට මා පත් කෙරු කොමිසම් සභාවට ඉහලම ගෞරවයක් හිමි වුණා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස