අරක්කු පානය නිසා ජනතාවගේ ප්‍රතිශක්තිය දුර්වල වෙනවා! සූරාසැල් විවෘත කිරීමේ තීන්දුව නැවත සලකා බලන්න! – GMOA

April 21, 2020 at 8:39 am | by emanisa.lk

ඇඳිරි නීතිය ඉවත් කර ඇති ප‍්‍රදේශ වල සුරාසල් විවෘත කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳ නැවත සිතා බලන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ඊයේ (20) රජයෙන් ඉල්ලා සිටියේය.

සුරාසල් අත්‍යවශ්‍ය සේවාවක් දැයි රජයෙන් විමසා සිටින බවත් එවැනි තීන්දුවක් ගනු ලැබුවේ කිනම් කරුණු පදනම් ව දැයි දැයි ප‍්‍රශ්න සහගත බවත් හෙතෙම කීවේය.

අරක්කු ඇතුළු මත්ද්‍රව්‍ය සහ දුම්වැටි පානය නිසා ජනතාව තුළ ඇති වෛරසයට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිය දුර්වල කරන බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

ඇඳිරි නීතිය ලිහිල් කළ ද මෙතරම් දවසක් පිළිපදිමින් ඇති යහපත් සෞඛ්‍ය පුරුදු එලෙසම පිළිපදින මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මුහුණු ආවරණ අනිවාර්යයෙන්ම පැළඳ සමාජ ව්‍යාප්තියක් කරා රෝග පැතිරීම වළක්වන ලෙසත් හෙතෙම ජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලීමක් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස