නිශ්ශංක සේනාධිපති රට වෙනුවෙන් පෙරට එයි! කොරෝනා මඩින්න ආණ්ඩුවට කෝටි 30ක්! ශ්වසන උපකරණ ගන්න මදි වුණොත් නිවස විකුණලා කෝටි 50ක් දෙනවා!

March 25, 2020 at 2:00 pm | by emanisa.lk

මෙරට කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය සේවාවට අවශ්‍ය වන වෛද්‍ය උපකරණ ගැනීමට තමන් මිලියන 300ක් පොලී රහිත ණයක් ලෙස රජයට ලබා දෙන බව බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සඳහන් කරයි.

කොරෝනා රෝගයෙන් අසාධ්‍ය වන පුද්ගලයන්ට අවශ්‍ය වන ශ්වසන ආධාරක උපකරණ දෙසීයක් තම වියදමෙන් චීනයෙන් ගෙනැවින් දීමට සූදානම් බවද ඔහු පැවසීය.

ඒ සඳහා මුදල් මදි වූවහොත් තම නිවස විකුණා තවත් කෝටි 50ක් ලබා ගැනීමට සූදානම් බවත් ඔහු සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් රජයේ බලධාරීන් දැනුම්වත් කර ඇති බව ද ඔහු කියා සිටියේය. මෙලෙස ජනතාව වෙනුවෙන් ආධාර ලබා දීමට ඔහු ඉදිරිපත්වන්නේ පසුගිය ආණ්ඩුව රටට විදේශ විනිමය ගෙන ආ ඔහුගේ දැවැන්ත සමාගම් විනාශ කරදමා ඇති පසුබිමකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස