අමල් පෙරේරා නිදහස්! ඩුබායි රටේ ඉතිරි මදූෂ් විතරයි!

April 25, 2019 at 8:49 am | by admin

පාතාල නායක මාකඳුරේ මධුෂ් පැවැත්වූ ඩුබායි සාදයට සහභාගිවෙමින් සිටියදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කළ ජනප්‍රිය ගායන ශිල්පි අමල් පෙරේරා පැය 26ක් තිස්සේ රහස් පොලිස් ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඊයේ (24දා) මුදාහැර ඇත.

මේ වන විට මාකඳුරේ මදූෂ් සමග අත්අඩංගුවට ගත් සියලු දෙනා ශ්‍රී ලංකාවට එවා ඇති අතර තව දුරටත් රඳවා ගෙන ඇත්තේ මදූෂ් පමණි. ඔහු ශ්‍රී ලංකාවට නොයවන ලෙස ඩුබායි අධිකරණයෙන් ඉල්ලා ඇති අතර තව දින කිහිපයක් ඇතුළත ඔහු ලංකාවට එවන්නේ ද නැද්ද යන්න තීන්දු කරනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස