මම දැනගෙනමයි මදූෂ්ගේ පාටි එකට ගියේ! ආපහු එන්න ටිකට් අරන් දුන්නේ මදූෂ්ගේ අනියම් බිරිඳ! – නදීමාල් හෙළි කරයි…

March 28, 2019 at 11:24 am | by admin

ඩුබායි බලා යන්නේ පතාළ නායක මදූෂ්ගේ සාදයකට සහභාගී වීමට බව එහි යාමට පෙර තමා දැනසිටි බව ගායක නදීමාල් පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ප්‍රශ්න කිරීම්වල දී පවසා තිබේ. එහිදී ඔහු පවසා ඇත්තේ සිය පියා වන අමල් පෙරේරා තමා ඒ පිළිබඳ දැනුම්වත් කළ බවය.

එසේම රුධිර සහ මුත්‍ර පරීක්ෂණවල දී තමා සහ බන්ධනාගාර නියාමකවරයා ඒ අවස්ථාවේ මත්ද්‍රව්‍ය ගෙන නොමැති බව හෙළි වීමෙන් පසු මෙරටට පිටුවහල් කළ විට අවශ්‍ය ගුවන් ටිකට්පත් ලබා දුන්නේ මදූෂ්ගේ අනියම් බිරිඳ බව ද ඔහු හෙළි කර තිබේ.

මේ අනුව අමල් පෙරේරා මෙම සාදය සඳහා සහභාගී වූයේ එය පාතාළ නායක මදූෂ්ගේ සාදයක් බව නොදැන යැයි අමල් පෙරේරාගේ සොහොයුරා ඇතුළු ඇතැම් පාර්ශව නැඟූ තර්කය අවලංගු වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස