පාතාළ හයිය නැතිව නයිට් ක්ලබ් කරන්න බෑ! නෑනාගේ වෙඩිම නොතිබුණා නම් මමත් ඩුබායි යනවා!

February 19, 2019 at 2:29 am | by admin

සිය බිරිඳගේ නැගනියගේ මංගල උත්සවය යෙදී නොතිබෙන්නට අමල් සහ රයන් සමග තමන් ද ඩුබායි සංචාරයට එකතු වීමට ඉඩ තිබූ බව වසන්ත පෙරේරා හෙවත් කැරොකේ වසන්ත පවසයි. කෙසේ වුවද තමන් ඉන් ගලවා ගැනීම පිළිබඳ කතරගම ගොස් දෙවියන්ට පිං දුන් බව ද ඔහු පවසයි.

ලංකාවට පැමිණීමට නොහැකි රතු නිවේදන ඇති පාතාළ නායකයන් විශාල පිරිසක් බොහෝ රටවල දී තමන්ට හමු වී ඇති බව පවසන වසන්ත තමන් සහභාගී වන සාදයකට එවැනි අයකු පැමිණියහොත් තමන්ට කළ හැකි දෙයක් නැතැයි පවසයි. ඔවුන් පිළිබඳ කටයුතු කළ යුත්තේ ආරක්ෂක අංශ බව ද ඔහු අවධාරණය කරයි.

පාතාලය සමග ඔහුට සම්බන්ධතා තිබේ දැයි විමසූ විට වසන්ත පවසන්නේ සිය සමාජශාලාවල ආරක්ෂකයින් සිටින බවත් එම හයිය නොමැතිව කරගෙන යාමට අපහසු බවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *