විධායක ජනපතිකම අහෝසි රටේ ජනමතයක් නෑ! – නිමල් සිරිපාල

March 29, 2019 at 7:42 am | by admin

මේ වන විට විධායක ජනපතිධුරය අහෝසි කිරිමට යෝජනාවක් ඇති බවත් ජනපති ධුරය අහෝසි කිරීමට උත්සාහ කරන්නේ පක්ෂ අභ්‍යන්තර ගැටලු විසඳා ගැනිමට බවත් හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පවසයි.

විධායක ජනපතිධුරය අහෝසි කිරිමට රටේ ජනමතයක් නොමැති බවත් එසේ කිරිමට අවශ්‍ය නම් ජනමත විමසුමකට යා යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පසුගිය ජනාධිපතිවරණ දෙකකට එජාප නායක රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පවා අවස්ථාව නොලැබිණි. 2010 සරත් ෆොන්සේකාට ද 2015 මෛත්‍රීපාල සිරිසේනට ද අපේක්ෂකත්වය ලබා දීමට සිදුවිය.

විධායක ජනාධපති ධුරය අහෝසි කිරීමට පෙරමුණ ගෙන කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලයේ දිගින් දිගටම සිදු කළේ කිසියම් අපේක්ෂකයකුට සහාය දීමය. ඔවුන්ට කිසි දිනක සෙසු මැතිවරණවල දී ලබන ඡන්ද ප්‍රතිශතය වන 5% පවා ජනාධිපතිවරණයක දී ලබාගත නොහැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස