අපි දුක් විඳින්නේ සජිත්ගේ වරදින්! ආයේ නම් යූඇන්පි එකෙකුට ඡන්දේ දෙන්නේ නෑ! – විරෝධතා භූමියට පැමිණි නලින් බණ්ඩාර හූ හඬ මැද පළා යයි! (video)

February 12, 2020 at 8:51 am | by emanisa.lk

පුරාවිද්‍යා සහයකයන්ගේ එකමුතුව සහ සමස්ත ලංකා ව්‍යාපෘති සහයකයන්ගේ එකමුතුව ඊයේ (11) ගාලු මුවදොර උද්ඝෝෂණ භූමියේ පැවැත් වූ උද්ඝෝෂණය අසලට පැමිණි එජාප මන්ත්‍රී නලින් බණ්ඩාරට දැඩි විරෝධයක් එල්ල විය.

තමන් අද දුක් විඳින්නේ සජිත් ප්‍රේමදාස නිසා බවත් නැවතත් එජාපයේ කිසිවකුට ඡන්දය ලබා නොදෙන බවත් පවසමින් විරෝධතාකරුවෝ මන්ත්‍රීවරයාට බැණ වැදුණේය.

දේශපාලන වාසි වෙනුවෙන් නලින් බණ්ඩාර ජනතාව පාව දුන් බවට ද ඔවුහු චෝදනා කළහ. මෙවර මැතිවරණයේ දී එජාපය නන්නත්තාර වන්නට සේදී යන බවත් ඔවුහු පැවසූහ.

නායකත්වය වෙනුවෙන් කුළල් කා ගත් සජිත් ප්‍රේමදාස තමන් අනාථ කළ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම රැකියා ස්ථිර කළහොත් දිවි හිමියෙන් ඔහුට ඡන්දය ලබා දෙන බවත් ඔවුහු පැවසූහ.

අනතුරුව උද්ඝෝෂකයන් හූ තැබීමට පටන් ගත් අතර නලින් බණ්ඩාර එම ස්ථානයෙන් නික්ම ගියේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස