අනුරාධපුර රුවන්වැලි සෑයට වැටී ඇති පිවිසුම් දොරටුව අසල පිහිටි සිලාචේතිය මේ වන විට අහිකුණ්ඨකයන්ගේ සහ සල්ලාලයන්ගේ තිප්පොළක් බවට පත්ව ඇත. වැවට බැස දිය නාගෙන එන මොවුන් ඇඳුම් වියළෙන්නට වනන්නේ චෛත්‍යය මතය. නැතහොත් අවට පුරාවිද්‍යා නටබුන් මතය. ඔවුන් බීඩි උරුමින් නටබුන් මත වාඩි වී සිටිති. නටබුන් වී ගිය පුරාවස්තු කැබලිවලින් ලිප් බැඳ ආහාර පිසිති.
මහාවංසය සහ මනෝරථපූරණය සිලාචේතිය ලෙස හඳුන්වන මෙම ඓතිහාසික විහාරය සද්ධාතිස්ස රජුගේ (137 -119) පාලන කාලය වන විට ද නිර්මාණය කර ඇත. මනෝරථපුරණියේ සඳහන් අයුරින් සද්ධාතිස්ස රජු දවස කුජ්ජතිස්ස මහා රහතන් වහන්සේගේ දේහය අහසින් ගමන්කොට මෙම සිලාචේතිය චෛත්‍යය අසල මහා ප‍්‍රාතිහාර්යයක් පෑ බව ද සඳහන් වේ.
වර්මාතන ඉදිකිරීම අනුරාධපුර යුගයේ අවසාන භාගයට අයත් නිර්මාණ ලක්‍ෂණවලින් ද යුක්ත වේ. එවැනි ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථූපයක් මේ වන විට අහිගුණ්ඨිකයන්, යාචකයන් ලගින ගුබ්බෑයමක් බවට පත් කරගෙන තිබීම මුළු මහත් ජාතියම කම්පනයට පත් කරවන්නකි. ගරා වැටුණු පන්සලක් ප්‍රතිසංස්කරණය සඳහා භික්ෂූන් වහන්සේලාට අවසර නොදීමට තරම් මේ රටේ ඓතිහාසික උරුමය රැක ගැනීමට පරිස්සම් වන පුරාවිද්‍යා බලධාරීන් මේ විනාශය නොදැකීම පුදුම එළවන සුළුය.