කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 175 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
ඒ අනුව අද (05) දිනයේදී කොරෝනා ආසාදිතයන් 9 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත. ඊයේ දිනය වන විට රෝගීන් 166 දෙනෙකු වාර්තා විය.