අංගම්පොර සටන් කලාව රකින්න ඇමති විදුර පෙර⁣ට…!

October 30, 2020 at 7:36 am | by emanisa.lk

මහව වැලියාව ’තිඹිරිකැලේ’ ප්‍රදේශයේ ඉදි කර ඇති අංගම්පොර මධ්‍යස්ථානය නිරීක්ෂණ කිරීම සඳහා ජාතික උරුම, ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශීල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පැමිණියේ ය.

අංගම්පොර සටන් කලාව පුරුදු පුහුණු කිරීම සඳහා සහ එය ඉදිරි පරම්පරාව වෙත පවරා දීම වෙනුවෙන් ඉදිකර ඇති මෙම ස්ථානය අද වන විට අභාවයට යමින් පවතින බව එහිදී අමාත්‍යවරයාට දැක ගැනීමට ලැබිණි.

මෙම අංගම්පොර සටන් කලා ගම්මානයේ ගොඩනැගිලිවලට අයත්, අංගම්පොර සටන් කලාව පුහුණු විමට ගොඩනැගිල්ලක්, පුස්තකාල ගොඩනැගිල්ලක්, නේවාසිකාගාර, මුලුතැන්ගෙයක්, භාවනා මධස්ථානයක් සහ වැසිකිලි කැසිකිලි ගොඩනැගිලි මෙසේ අභාවයට යමින් පවතී.

තව ද මෙම ස්ථානය අද වන විට වන සතුන් සැරිසරන ප්‍රදේශයක් බව ප්‍රාදේශීය නිලධාරීන් පැවසූහ.

මේ පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා එහි දී අදාල නිලධාරීන් දැනුම්වත් කළේ ය.

මෙම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ජාතික උරුම, ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශීල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, මහව ප්‍රාදේශීය ලේකම්තුමිය සහ මහව පොලිස් ස්ථානාධිපතිතුමා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස