හොඳ සිංහලයෙක් වගේ කෙළින් ඉන්න ඇත්ත කියන මිනිහෙකුට මුස්ලිම් අපි කැමතියි! ඔබ බලයට පත්නොවුණොත් මුළු රටම අසරණ වෙනවා! – මුස්ලිම් විශ්වවිද්‍යාල ආචාර්වරයා ගෝඨාගේ මූණටම කියයි…

August 26, 2019 at 9:13 am | by emanisa.lk

ජ්‍යෙෂ්ඨ විශ්ව විද්‍යාල ආචාර්යවරු පිරිසක් සහ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ දින සවස ඒ මහතාගේ නුගේගොඩ නිවසේදී පැවැත්විණි. විශ්ව විද්‍යාල රැසක් නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය, ජ්‍යේෂ්ඨ මහාචාර්යවරු 40 පමණ පිරිසක් ඒ සඳහා සහභාගී වුහ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සිදුවිය යුතු වෙනස්කම් ගැන මෙන්ම රටේ ඉදිරිමග සකස්විය යුතු ආකාරය ගැනද දීර්ඝ සංවාදයක් එහිදී සිදුව ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝනක විද්‍යාව හදාරන සමයේ එතුමාට අධ්‍යාපනය ලබා දුන් ආචාර්යවරයෙක්ද මේ අවස්ථාවට පැමිණ සිටීම විශේෂත්වයක් විය.

පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මුෆිසාල් අබුබකර් අදහස් දක්වමින් මෙවර ගෝඨාභය රාජපක්ෂ රටේ නායකත්වයට පත් නොවුවහොත් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කොටස් සියල්ලන් අසරණ වන බවත්, අද මුස්ලිම් නායකයන් ගැන මුස්ලිම් ජන සමාජයේ බලවත් අප්‍රසාදයක් වර්ධනය වෙමින් පවතින බවත්, ඍජුව ගෝඨාභය සමග සම්බන්ධ වී වැඩ කිරීමට සාමාන්‍ය මුස්ලිම් ජනතාව කැමැත්තෙන් පසුවන බවත් කරුණු දැක්වීය.

“ඔබතුමා හොඳ සිංහලයෙක් වගේ කෙලින් ඉන්න. අපි කැමති ඒ වගේ මිනිස්සුන්ට, සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුන්ගේ කැමැත්ත තියෙන්නේ ඇත්ත කියන කෙලින් ඉන්න මිනිහෙක්ට, කව්රු මොනවා කිව්වත් ඔබතුමා වෙනස් වෙන්න එපා. ඒ වගේම තමයි ආරක්ෂාව ගැන මීට වඩා ඔබතුමා සැලකිලිමත් වෙන්න. ඔබතුමන්ට මොනවා හරි වුණොත් මුළු රටම අසරණ වෙනවා.” යැයි හෙතෙම පැවසීය.

රැස්වීම අවසානයේදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ආචාර්යවරු පැවසුවේ ගෝඨාබය රාජපක්ෂ සැර පරුෂ පුද්ගලයකු බවට සමාජ මධ්‍යවල පෙන්වා ඇති චිත්‍රය මුළුමුනින්ම මුසාවක් බවත් ඔහු අනිත් අයගේ අදහස්වලට ඉතා හොඳින් සවන් දෙන, මිත්‍රශීලී, ළෙන්ගතු පුද්ගලයකු බවත්ය. ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය වෙනුවෙන් එහි ලේකම් මහාචර්ය චන්න ජයසුමන රැස්වීම සංවිධානය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස