හිස්බුල්ලා අක්කර දහස් ගණනින් මිලට ගනී! මුදල් අරාබි අන්තවාදී සංවිධානවලින්!

June 15, 2020 at 6:59 am | by emanisa.lk

පසුගිය පාස්කු ප්‍රහාරයට පසු හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් නැගෙනහිර පළාතේ ඉඩම් අක්කර 1200ක් අත්පත් කරගෙන ඇති බවට චෝදනා එල්ල වෙයි.

ඒ් සඳහා නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය ඉදි කිරීම සඳහා සවුදිඅරාබියේ අන්තවාදී සංවිධානයකින් ලබා දුන් මුදල් යොදා ගත් බවට ද තව දුරටත් චෝදනා නැඟෙයි.

දැන් ඔහු විසින් බටහිර මුහුදු තීරයේ මන්නාරමේ ඕලු  තුඩුවාය සිට පේසාලේ ප්‍රදේශය දක්වා කි.මී. 6ක මුහුදු තීරයක් සහිත අක්කර 625ක් ද අත්පත්කරගෙන ඇති බවට මන්නාරමේ රාජ්‍ය නිලධාරීහු සාක්ෂි ඉදිරිපත් කරති.

මේ පිළිබඳව වහාම පරීක්ෂණ සිදු කළ යුතු බවට ඔවුහු අවධාරණය කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස