සිංහල ඡන්ද කැබලි කරන මෙහෙයුම ඇරඹෙයි! හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට! එජාප ජවිපෙ නිල නොලත් ආශීර්වාදයත් ලැබෙයි!

September 29, 2019 at 4:18 pm | by emanisa.lk

හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජනතා ව්‍යාපාරය විසින් අද (29) සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරනු ලැබීය.

ඒ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන එම ජාතික ජනතා ව්‍යාපාරයේ විශේෂ සමුළුවේදීය.

2010 වසරේ ජනාධිපතිවරණය අවස්ථාවේ මහේෂ් සේනානායක හමුදා සේවයේ යෙදෙන අතර එජාප කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා සහයෝගය පළ කිරීම නිසා හමුදා සේවයෙන් පහකළ අයෙකි.

අනතුරුව ඇමරිකාවේ වාසය කළ මහේෂ් සේනානායක 2015 ආණ්ඩු පෙරළිය සමග නැවත හමුදාවට බඳවාගත් අතර එම පාලකයන් විසින් හමුදාපති ධුරයට පත් කළේය.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූයේ මහේෂ් සේනානායක හමුදාපති ධුරයේ කටයුතු කරන සමයේය. සර්වෝදය ඇතුළු ඇමරිකානු ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධානවල ආශීර්වාදයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන හිටපු හමුදාපතිවරයාගේ අරමුණ එජාප විරෝධී ජාතිකවාදී කඳවුරේ ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද කැඩීම බවට චෝදනා නැඟෙයි.

ගෝඨාභය රාජපක්ෂ මිලිටරි නායකයකු නිසා රට පාලනයට නුසුදුසු බව පවසන එජාප සහ ජවිපෙ සමාජ මාධ්‍යක්‍රියාකාරීන් මහේෂ් සේනානායක වෙනුවෙන් පෙනී සිටීම මගින් මොහු ඉදිරිපත් කිරීමේ අරමුණ ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද කොටසක් කඩා හැකි නම් ඔහු දුර්වල කිරීම බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

කලක සිට සජිත් ප්‍රේමදාස උත්කර්ෂයට නැංවීමේ මාධ්‍ය මෙහෙයුමක් දියත්කර ඇති සිරස ඇතුළු මහාරාජා නාළිකා ජාලය ද හිටපු හමුදාපතිවරයා වෙනුවෙන් විශාල ප්‍රචාරයක් ලබා දෙනු දැකිය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස