සිංහල බෞද්ධ අයිතිවාසිකම් රැකෙනවා නම් මමත් 20ට අත උස්සනවා! – ෆොන්සේකා

October 22, 2020 at 4:24 pm | by emanisa.lk

සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් ඒ සම්බන්ධ වගන්තියක් 20 වැනි සංශෝධනයට දානවානම් තමන් ද ඊට අත ඔසවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අද(22) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ය.

“තමුන්නාන්සේලා පසුගිය කාලේ මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව මතයක් හැදුවා. ත්‍රස්තවාදීන් කියලා ඒකට විරුද්ධව සිංහල බෞද්ධ ජනතාව එක තැනකට එකතු කළා. හැබැයි එහෙම මතයක් හදලා තමුන්නාන්සේලා අධිකරණ ඇමැති දැම්මේ මුස්ලිම් ජාතිකයෙක්. බුද්ධි අංශ ප්‍රධානියා මුස්ලිම් ජාතිකයෙක්. දවසක් ආරක්ෂක ලේකම් කියනවා හමුදාවේ හිටපු හොඳම නිලධාරියා මුස්ලිම් ජාතිකයෙක් කියලා.

සිංහල බෞද්ධ ජනතාව රවට්ටලා එහෙම කරන්න එපා. සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. ඒ වගන්තියක් දාන්න 20 වැනි සංශෝධනයට. අපිත් කැමැත්ත දෙනවා. හැබැයි ඒ වගේම අනෙක් ජාතීන්ගේ අයිතියටත් ගරු කරන්න ඕන.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස