සහරාන්ගේ ෆොටෝ එකක් ළඟ තිබුණු අය තවම හිරේ! සහරාන් එක්ක ජාතික ලැයිස්තුව ගැන කතා කළ හකීම් තවම එළියේ! – රිෆ්ලාල් මවුලවි

October 20, 2019 at 8:48 pm | by emanisa.lk

මිනිමරු සහරාන් සහ ඇමති රවුෆ් හකීම් පිළිබඳ හෙළිදරව්ව කළ නිසා සහරාන්ගේ කල්ලිය මෙන්ම රවුෆ් හකීම්ගේ කල්ලිය ද තමා ද්‍රෝහියකු ලෙස හඳුන්වන බව මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රිෆ්ලාල් මවුලවි පවසයි.

සහරාන් සමග සිය පියා සබඳතා පැවැත් වූයේ නම් රට වෙනුවෙන් එය ද පොලිසියට දැනුම් දෙන බව සඳහන් කළ රිෆ්ලාල් මවුලවි සහරාන්ගේ පින්තූරයක් ජංගම දුරකතනයේ තිබීම නිසා අත්අඩංගුවට ගත් පිරිස් තවමත් අත්අඩංගුවේ සිටින අතර සහරාන් සමග ජාතික ලැයිස්තුව පිළිබඳ සාකච්ඡා කළ ඇමති හකීම් තවමත් නිදහසේ සිටින බව සඳහන් කළේය.

සාමාන්‍ය මිනිහෙකුට එක් නීතියක් ද ඇමතිවරයකුට තවත් නීතියක් ද මේ රටේ පැවතිය නොහැකි බව හෙතෙම අවධාරණය කරයි.

මෙම වීඩියෝව මේ තරම් කාලයක් බුද්ධි අංශ වෙත හමු නොවූයේ බුද්ධි අංශවල දුර්වලතා හෝ දේශපාලන බලපෑම් නිසා බවත් සාමාන්‍ය ජනතාව පසුපස පැන්නූ ආකාරයට බුද්ධි අංශ ඇමතිවරු පිටුපස පැන්නුවේ නම් මේ කිසිවක් මෙතෙක් කල් සැඟවිය නොහැකි බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස