සහරාන්ගේ මූල්‍ය කලමනාකාර ඔළුවිල් සරසවියේ අරාබි ගුරා අල්ලයි!

May 11, 2019 at 6:40 pm | by admin

පාස්කු ඉරිදා දිනයේ එල්ල කඝ මරාගෙන ප්‍රහාර සමූහයට නායකත්වය දුන් සහරාන්ගේ මුල්‍ය කළමනාකාරවරයා බවට සැකකරන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔළුවිල්හි පිහිටි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකි.

මොහුගේ බැංකු ගිණුමට පසුගිය කාලයේ වරින්වර රුපියල් කෝටි ගණනාවක මුදල් ලැබී ඇති බව පරීක්ෂණවලින් හෙලිවී ඇත.

ඔළුවිල් විශ්ව විද්‍යාලයේ අරාබි භාෂාව උගන්වන බව කියන මෙම කථිකාචාර්යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි ඔහු නිවසේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස