වැරදියට ආගම උගත් හෂීම් අයියාගේ මරණය සතුටක්! – පාස්කු ප්‍රහාරයේ මහමොළකරුගේ සොයුරිය කියයි…

April 29, 2019 at 8:24 am | by admin

සහරාන් හෂීම් මරණයට පත්වීම ගැන තමන් සතුටුවනවා යයි ඔහුගේ සහෝදරිය වන මොහමඞ් හෂීම් මදානියා ප‍්‍රකාශ කරන බව ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පත සඳහන් කරයි.

ඔහු ආගම ඉගෙන ගත්තේ වැරදි පුද්ගලයින්ගෙන් බවද  ඔහු මෙවැනි අපරාධයක් කරාවි යැයි තමා කිසි විටක නොසිතූ බව ද ඇය කියයි.

විසි හය හැවිරිදි මදානියාගෙන් හමුදා බුද්ධි අංශයද ප‍්‍රශ්න කර ඇති අතර ඈ ජීවත්වන්නේ කාත්තන්කුඩි නගරයේ සිය සැමියා හා දරු දෙදෙනා සමගය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *