පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සහරාන්ට බැණ බැණ සිටි සොයුරිය අල්ලයි! ප්‍රහාරයට දින කිහිපයකට පෙර සහරාන් ඇයට රු. ලක්ෂ 20ක් දීලා!

May 2, 2019 at 8:10 am | by admin

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙසින් සැලකෙන මොහොමඩ් සහරාන්ගේ බාල සොහොයුරියක වන මොහොමඞ් කාසිම් මොහොමඩ් නියාස් මදනියා මඩකළපුව පොලිසිය මගින් කාත්තන්කුඩි ප‍්‍රදේශයේදී අද (01) සවස අත්අඩංගුවට ගනු ලැබිණි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී රුපියල් ලක්ෂ 20ක මුදලක් තිබී ඇති අතර පාස්කු ප‍්‍රහාරයට දින කිහිපයකට පෙර සහරාන් එම මුදල තමන්ට දුන් බවට පොලිස් ප‍්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත.

සහරාන් හසීම් සහ ඔහුගේ ක‍්‍රියා කලාපයන් ඇය මීට පෙර මාධ්‍ය හමුවේ දැඩි ලෙස විවේචනය කර තිබුණි. අප්‍රේල් 18 වෙනිදා සිට සිය පවුලේ සියලු දෙනා අතුරුදන් වී ඇති බවත් සිය සොහොයුරාගේ අදහස් තමා පිළිනොගත් බව ද ඈ පවසා තිබිණි.

එපමණක් නොව මෙවැනි විනාශයක් කළ සිය සොහොයුරා මරණයට පත්වීම හොඳ බව ද පවසා තිබිණි. ඔහු ආගම ඉගෙන ගත්තේ වැරදි පුද්ගලයන්ගෙන් බව ද ඇය කීවාය.

මේ වන විට සහරාන්ගේ බිරිඳ සහ සිව් හැවිරිදි දියණිය පොලිස් ආරක්ෂාව යටතේ අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබන අතර ගෆූර් නම් ඔහුගේ රියදුරා පොලිස් අත්අඩංගුවේ සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස