සහරාන් බලාගත් බුද්ධි අංශ නිලධාරී බුලත්වත්ත යහපාලන ආණ්ඩුව වේල්ලක් බලාගන්න දැම්මා! බුලත්වත්ත වේල්ල දිහා බලාගෙන ඉන්න කොට සහරන් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුර ගත්තා! – මේජර් අජිත් ප්‍රසන්න (video)

May 5, 2019 at 8:13 am | by admin

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ජාතික තවුහිද් ජමාත් නායක සහරාන් හුසේන් පිළිබඳ බුද්ධි අංශ මෙහෙයුම් පවරා තිබුණු බුද්ධි අංශ නිලධාරී මේජර් බුලත්වත්ත යහපාලන ආණ්ඩුව විසින් වේල්ලක් බලා ගැනීමට පත් කළ බවත් අවසානයේ බුලත්වත්ත වේල්ල බලා ගනිද්දී සහරාන් මරාගෙන මැරුණු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න පවසයි.

හමුදා බුද්ධි අංශ ප්‍රධානී කර්නල් සුරේෂ් සාලේ හමුදාව හැර ගිය බව ද ගිරිතලේ බුද්ධි බලකායේ තුන්වෙනි අණ දෙන නිලධාරී ෂම්මි කුමාරරත්න අද රණවිරු සේවා අධිකාරියේ රණවිරු පවුල්වල දුක සැප බලන බව ද බුද්ධි අංශ නිලධාරී ප්‍රබෝධ සිරිවර්ධන සුභසාධන වෙළෙඳසැලක බඩු විකුණන බව ද හෙළි කළ අජිත් ප්‍රසන්න වත්මන් ආණ්ඩුව මේ ආකාරයට බුද්ධි අංශ විනාශ කළ බව සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස