සයින්දමරුදු ප්‍රහාරයෙන් ගැළවුණේ සහරාන්ගේ බිරිඳ සහ සිව් හැවිරිදි දියණියයි! හමුදාව නැවතත් සිය වෘත්තීය විශිෂ්ටතාව ප්‍රදර්ශනය කරමින් දෙදෙනා රෝහල්ගත කරයි!

April 28, 2019 at 10:32 pm | by admin

15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ කල්මුණේ සයින්දමරුදු මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් කාන්තාවක සහ දැරියක බරපතළ තුවාල ලබා බේරුණු අතර ඔවුන් පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම්ගේ බිරිඳ සහ දැරිය බව හෙළි වී තිබේ.

සහරාන් හසීම් (33) මොහොමඩ් හානියා (23) සමග විවාහ වී සිටි අතර අට හැවිරිදි පුතකු සහ 4 හැවිරිදි දියණියක ඔවුන් විය. ප්‍රහාරයෙන් තුවාල ලබා බේරි ඇත්තේ බිරිඳ සහ සිව් හැවිරිදි දියණියයි. මෙහිදී අනාවරණය වන තවත් කරුණක් නම් සහරාන් විවාහ වී ඇත්තේ ද රටේ සාමාන්‍ය නීතියට පටහැනිව 14 හැවිරිදි දැරියක සමග බව පෙනේ.

ප්‍රහාරයට පසුදා ආරක්ෂක අංශ කළ සෝදිසි මෙහෙයුමේ දී මෙම තුවාලකරුවන් හමු වූ අතර ඔවුන් වහාම රෝහල්ගත කිරීමට ආරක්ෂක හමුදා කටයුතු කළේය. ඒ අවස්ථාවේ ආරක්ෂක හමුදාව කුඩා දැරිය ඉතාම පරිස්සමින් රැගෙන විත් ප්‍රථමාධාර ලබා දී රෝහල්ගත කළ ආකාරය බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්වෙමින් තිබේ. දෙදෙනා මේ වන විට අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස