සහරාන්ගේ තවත් ගෝලයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට!

August 19, 2019 at 5:01 pm | by emanisa.lk

මෙරට තහනම් සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් හෙවත් (JMI)සංවිධානයේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි ඒකකය විසින් ලබාදුන් තොරතුරු මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේය.

මොවුන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ නුවරඑළිය ප්‍ර දේශයේදි අවි පුහුණුව ලැබූ අය බවට ද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ ජේ.එම්.අයි සංවිධානයේ සාමාජිකයින් දහයකට ආසන්න ප්‍රමාණයක් පසුගිය දිනවල අත්අඩංගුවට පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස