සහරාන්ගේ DNA ඔහුගේ බිරිඳගේ සහ දියණියගේ DNAවලට ගැළපෙනවා! – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

May 21, 2019 at 11:35 pm | by admin

කොළඹ ශැංග්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරුණු එක් ත්‍රස්තවාදියකු ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් බවත් ඔහුගේ DNA බිරිඳගේ සහ දියණියගේ DNA සමග සැසදෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

සහරාන් හෂීම් මිය නොගිය බවත් ඔහු ඉන්දියාවට පළා ගොස් ඇති බවත් මෙයට පෙර වාර්තා විය. මේ අනුව මේ වන විට සියලු මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන් හඳුනාගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස