සරත්, නාලක, චන්න සහ චරිත ඇතුළු දේශප්‍රේමි උගතුන් පිරිසක් මහ මැතිවරණයට!

December 9, 2019 at 9:24 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය උදෙසා කටයුතු කළ වියත්මග එළිය ආදි ජාතික සංවිධානවල දේශප්‍රේමි වියතුන් පිරිසක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත්කර ගැනීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

ඔවුන්ට වර්තමාන ආණ්ඩුවේ තනතුරු ලබා නොගැනීමට උපදෙස් ලබා දුන්නේ ද ඒ අනුවය.

ඉහළ දේශපාලන ආරංචි මාර්ග පවසන ආකාරයට මහාචාර්ය චන්න ජයසුමන අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්ද, ආචාර්ය නාලක ගොඩහේවා ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද, රියර් අද්මිරාල් සරත් වීරසේකර කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, ආචාර්ය චරිත හේරත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස