සන්ධාන ලේකම් ධුරය රාජිතට දීම භයානකයි! නව පෙරමුණේ ලේකම් ධුරය භාරගන්න මම සූදානම්! – සජිත් ප්‍රේමදාස

August 1, 2019 at 6:50 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ එකතු වී ගොඩ නැඟීමට සූදානම් වන සන්ධානයේ ලේකම් ධුරය භාර ගැනීමට තමා සූදානම් බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද (01) උදෑසන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ අවස්ථාවේය.

නව සන්ධානයේ ව්‍යවස්ථාව අනුමැතිය ලබා ගැනිමට මෙහිදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට යොමු කර ඇති අතර ඊට බොහෝ දෙනා එරෙහි වී තිබේ.

විශේෂයෙන් එම සන්ධානයේ ලේකම් ධුරය එජාපයේ නොවන රාජිත සේනාරත්නට ලබා දීමට යෝජනා කිරීමට දැඩි විරෝධය පළ කර ඇති අතර එය භයානක පියවරක් බව ද පවසා තිබේ.

මෙහිදී ඇමති සජිත් ප්‍රේමදාස තමා නව සන්ධානයේ ලේකම් ධුරය භාර ගැනීමට සූදානම් යැයි පැවසූ බව ඇමති අජිත් පී. පෙරේරා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

මෙම සන්ධානය පිහිටුවීමට පෙර තම ජනාධිපති අපේක්ෂකයා නම් කළ යුතු බවත් එජාප ජනාධිපති අපේක්ෂකයා තේරීමේ අයිතිය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අහිමි කරන නව සන්ධානයේ කෙටුම්පතට තමන් එරෙහි බව ද එහි දී මැති ඇමතිවරු පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස