සජිත් පිල සිරිකොත බලය අල්ලන සැලසුමක්! රනිල් පිල සජිත්ට සිරිකොත ‌දොර වසයි! සජිත් පිල සිරිකොත වටලන සූදානමක්!

November 21, 2019 at 9:57 am | by emanisa.lk

අද (21) සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ එජාප ප්‍රාදේශීය නායකයන් සහ සජිත් පිලේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කළ හමුවක් අවලංගු කළ එජාප මාධ්‍ය ඒකකය පවසයි.

සජිත් ප්‍රේමදාස පාර්ශවය සිරිකොතට පැමිණ රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් වන තුරු හි රැඳී සිටීමට සැලසුම් කර ඇති බවට මතු වූ සැකයක් මත මෙම තීන්දුව ගෙන තිබේ.

අදාළ හමුව වොක්ෂෝල් වීදියේ සජිත් ප්‍රේමදාසගේ කාර්යාලයේ පැවැත්වීමට අවසානයේ සජිත් පිල තීරණය කර තිබේ.

මේ අතර සජිත් පාර්ශවය අද සිරිකොත වැටලීමේ අවධානමක් ඇතැයි එහි ආරක්ෂාව තරකර ඇතැයි ද වාර්තා ‌‌වෙ‍‍යි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස