සජිත් පිල කුජීතයි! විපක්ෂ නායක රනිල්මයි!

November 27, 2019 at 5:47 pm | by emanisa.lk

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයා ලෙසින් පිළිගැනීමට සිදුවන බව කතානායක කරූ ජයසූරිය අද (27) පැවසීය.

කතානායකවරයා මේ බව සඳහන් කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් ප්‍රකාශයට පත්කරමිනි.

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරවුල් පක්ෂය ඇතුළත සිට විසඳා ගත යුතු බව කතානායකවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වුවද එජාප සජිත් පාර්ශවය අත්සන් 45ක් සහිත ලිපියකින් විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට ලබා දෙන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස