සජිත් ජනපති වෙන්නත් කලින් ප්‍රේමදාස පවුලෙන් මාධ්‍යයට බලපෑම්! ජනපති වුණොත් කොහොම හිටියිද? – TNL නාළිකාවෙන් ප්‍රේමදාස පවුලට මල්ටි බැරල් ප්‍රහාරයක්…. (video)

November 6, 2019 at 11:55 pm | by emanisa.lk

ලංකාවේ විසූ ජාත්‍යන්තරය ජයගත් සුප්‍රකට ව්‍යාපාරිකයකු වන උපාලි විජේවර්ධනට දැඩි ලෙස වෛර කරමින් ඔහු අතුරුදන් කළේ සජිත් ප්‍රේමදාසගේ පියා වන රණසිංහ ප්‍රේමදාස බවට TNL රූපවාහිනී නාළිකාවේ අධ්‍යක්ෂිකාවක වන ඉෂිණි වික්‍රමසිංහ චෝදනා කරයි.

ඇමති මංගල සමරවීරගේ කාර්ය මණ්ඩලයේ ද සේවය කළ ඉෂිණි වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දක්වන අතර සජිත් ප්‍රේමදාසගේ සොහොයුරිය වන දුලාංජලී වික්‍රමසිංහ සිය පියා මාර්ගයෙන් තමා වෙත සිදුකරන ලද බලපෑම් පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඈ මේ බව සඳහන් කර තිබේ.

TNL ආයතනයේ මාධ්‍ය භාවිතාව සහ සිය පෞද්ගලික දේශපාලන භාවිතාව එකක් නොව දෙකක් බව තේරුම් ගැනීමට දුලාංජලීට නොහැකි වීම පිළිබඳ තමා පුදුම වන බව ද එහි සඳහන් ය.

දැනටම සජිත් ප්‍රේමදාසගේ පවුල් දේශපාලනයේ බලපරාක්‍රමය ඔළුවට ගෙන TNL ආයතනයේ මාධ්‍ය භාවිතාව ප්‍රශ්න කරන දුලාංජලී ජයකොඩි සජිත් ජනාධිපති වුවහොත් කෙසේ හැසිරෙනු ඇති දැයි ප්‍රශ්න කරයි.

හොර සල්ලි තොගයක් සමග දුලාංජලී හසු වූ අවස්ථාවේ ඈ බේරාගත්තේ රාජපක්ෂලා විසින් බව ඈ මතක තබාගත යුතු බව ද ඉෂිණී වික්‍රමසිංහ සිය ලිපිය මගින් පෙන්වා දෙයි.

ඉෂිණී වික්‍රමසිංහ TNL ආයතනයේ සභාපති ෂාන් වික්‍රමසිංහගේ දුවණිය වන අතර අගමැති රනිල් වික්‍රමසිංහ ඇගේ බාප්පාය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස