ජනතාව සජිත් ජනපති කරන්න මගබලන් ඉන්නේ! සජිත් අපේක්ෂකයා කරන තුරු මට නින්දේ ගියෙත් නෑ! – කිරිඇල්ල

October 5, 2019 at 11:03 am | by emanisa.lk

එක්‌සත් ජාතික පෙරමුණ ජනාධිපති අපේක්‍ෂක ලෙස නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස කිසිදු ආරවුලක්‌ නැතිව පත්කර ගැනීමට හැකිවී යෑයි මහනුවර ජනාධිපති මැතිවරණ ප්‍රචාරක මධ්‍යස්‌ථානය විවෘත කරමින් අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල පවසයි.

ඉතා සාමකාමී ලෙස තීරණ ගත් බවත් ඒ අනුව ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත්වන සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය සඳහා පක්‍ෂය කැප වී කටයුතු කරන බවත් ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල පැවැසීය.

සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා දීමට පක්‍ෂය තීරණයක්‌ ගන්නා තුරු බලාපොරොත්තුවක්‌ තබාගෙන සිටි තමාට නින්ද ගියේ තීරණය ඒකමතිකව ගැනීමෙන් පසුව යෑයි ද ඇමතිවරයා හෙළි කළේය.

ජනාධිපතිවරණයේදී එක්‌සත් ජාතික පෙරමුණ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරනවා. ගෝඨාභය රාජපක්‍ෂ අපට ගැටලුවක්‌ නොවෙයි. සජිත් ප්‍රේමදාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට ජනතාව සැදී පැහැදී සිටිනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස