සජිත්ගේ ගුරු වෘත්තීය සමිති හමුවත් අලවෙයි! හිස් සමුළුව දුටු අකිල ආ පයින් මාරුවෙයි!

October 24, 2019 at 9:11 am | by emanisa.lk

එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීම සඳහා ගුරු වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සූදානම් කළ හමුවක් ප්‍රමාණවක් පිරිසක් සහභාගී නොවූ නිසා අසාර්ථක විය.

මෙම හමුව කොළඹ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේ දී ඊයේ (23) පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

එහෙත් රංගපීඨයේ වැඩි කොටසක් හිස්ව පැවති අතර ඒ දුටු ඇමති අකිල විරාජ් මෙම අවස්ථාව සංවිධානය කළ විජේපාල හෙට්ටිආරච්චිට ද දොස් පවරමින් නැවත හැරී ගියේය.

වේදිකාවේ අජිත් පී. පෙරේරා ඇතුළු මැති ඇමතිවරුන්ට ආසන වෙන්කර තිබුණ ද ඒවා හිස්ව තිබිණි.

මේ අතර එහි පැමිණි ගුරු උපදේශක පිරිස නියමිත ලෙස නිවාඩු ලබා පැමිණියේ ද යන්න පිළිබඳ මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස