සජිත්ගේ ධීවර සමුළුව ඇනකොන්ඩා! සුගතදාසේ හිස්! දිලිප් සමාව ඉල්ලද්දී සජිත් මග අරී! (video)

October 23, 2019 at 10:31 am | by emanisa.lk

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් සංවිධානය කළ ධීවර සම්මේලනය සම්පූර්ණයෙන්ම අසාර්ථක විය.

පසුගිය 21 වෙනිදා සංවිධානය කර තිබූ මෙම හමුවට 5000ක් ධීවර ප්‍රජාව සම්බන්ධ කර ගැනීමට සැලසුම් කළ ද එහි රැස්ව සිටියේ 500කට අඩු පිරිසකි.

ධීවර අමාත්‍ය දිලිප් වෙදආරච්චි එහිදී මෙම සමුළුව අසාර්ථක වූ බව පිළිගත් අතර වෙනත් දිනයක විශාල ජනකායක් කැඳවා ධීවර සම්මේලනය පැවැත්වීමට සජිත් ප්‍රේමදාස එකඟ වී තිබේ.

කෙසේ වුවද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතව සිටි සජිත් ප්‍රේමදාස පැමිණියේ නැත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස