සජිත්ගේ උදාගම් පුවරු 04ක් කඩාදමයි! ආණඩුව අනුකම්පාව ගන්න කළ වැඩක් දැයි සැකයක්!

October 17, 2019 at 2:12 pm | by emanisa.lk

පසුගිය සමයේ සජිත් ප්‍රේමදාස ඉදිකර විවෘත කර උදාගම්මාන 4ක නාම පුවරු විනාශ කර ඇතැයි වාර්තා වෙයි.

සූරියවැව තැලවිල්ල ප්‍රදේශයේ ඉදිකර උදාගම්මාන 4ක නාම පුවරු මේ ආකාරයට විනාශ කර ඇත්තේ අද (17) අලුයමය.

සහස්‍රාගම, සිතුපියගම, සහස්පත්ගම සහ සිරිසුබ යන උදාගම්මානවල නාම පුවරු මෙලෙස විනාශ කර තිබේ.  මෙම නාම පුවරුවක් සඳහා රු. ලක්ෂ 3ක් පමණ වැයකර ඇතැයි පසුගියදා හෙළිදරව් විය.

මේ ආකාරයට නාම පුවරු විනාශ කිරීම කිසිසේත්ම අනුමත නොකරන බව ප්‍රදේශවාසී පක්ෂ විපක්ෂ ජනතාව ප්‍රකාශ කරන අතර මෙය ආණ්ඩුව හුදෙක් ජනතා අනුකම්පාව ලබා ගැනීම පිණිස කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට ද සැක මතුව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස